සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින්

ඉලියඩ්, ද ටේල් ඔප් ගෙන්ජි, දොන් කිහෝතේ නොමැතිව, අන්නා අක්හ්මතාවා ගේ කවි නොමැතිව, කෆ්කා ගේ නයිට්මෙයා වර්ල්ඩ්ස්, බෝරා චං ගේ ෆීවර් ඩ්‍රීම්ස්, මනි ශංකර් මුකර්ජිගේ නවකතාවල බිහිසුණු බලය සහ උණුසුම නැති වුණානම් අපි කොතරම් දුප්පත්ද? සාහිත්‍යය, හරියට සංගීතය වගේ කටහඬවල් රාශියකට ඉඩදෙන්න පුළුල් වෙනවා, මෙම හඬවල්, කතන්දර ඇගයීම, මට නම් මනුෂ්‍යත්වයේ සාරය කියන්නේ ඒකයි.… Read More සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින්

මම සාහිත්‍යය ගිජු බවින් ගිල දැම්මා – හෙර්තා මුලර්

රුමේනියාවේ සුප්‍රසිද්ධ ට්‍රාන්සිල්වේනියාවේ කෙළවරේ පිහිටි ජර්මානු බස කතාකරන ඉතා කුඩා ගම්මානයක හැදී වැඩෙන දැරියක ලෙස හර්තා මුලර්ට එළදෙනුන් රැකබලාගැනීමේ කාර්යය හිමිව තිබිණි. ගවයින් තණබිම්වල උළාකන අතරතුර කිරීමට එතරම් වැඩක් නැති නිසා ඇය තමන් එකතු කළ මල් වලට හා පසුකර යන වළාකුළු වලට විවිධ නම් හා පෞරුෂයන් ලබාදීමෙන් ප්‍රීතියට පත්වූවාය. නැතහොත් ඇගේ නැන්දනිය මෙන් ඇඳුම් මසන්නියක් වීමට හෝ විටෙක කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වීමට හීන මැවුවාය.… Read More මම සාහිත්‍යය ගිජු බවින් ගිල දැම්මා – හෙර්තා මුලර්

මරණය මතින් ඇවිද යන මිනිස්සුන්ගේ කතාව

ඇන්ගෝලාවේ අග නගරය වන ලුවන්ඩාවෙන් කි.මී. 750 දුරින් දකුණු දෙසට වන්නට පිහිටි කුයිටෝ හි කඳවුරකි. කුයිටෝ හෙවත් ලෝකාවසානයේ භූමිය මත ඔවුන් සිය රාජකාරි අරඹන විටත් රැයේ අඳුර පහව ගොස් ‌නොතිබිණි. කඳවුරෙන් පිටත එළිමහනේ ඔවුන් රැස්වන විට පිටුපස පණ අදිමින් තිබූ ගිණි මැලයේ ළා එළිය පමණක් පතිත විය. රෑ පුරා සීතලෙන් බැටකෑ රාත්‍රී මුරකරුවා සිය දෙඅත් පිරිමදිමින් සීතලෙන් මිදීමට අසීරු උත්සහයක යෙදෙමින් සිටියේය.  හදිස්සියේ පිබිදුණු කුකුළා වෙලාව පාන්දර පහ යැයි අපට මතක් කළේය.… Read More මරණය මතින් ඇවිද යන මිනිස්සුන්ගේ කතාව

The Silence තුන්වෙනි කොටස

අප බියවීම අමතක කළහොත් ජීවිතය බොහෝ ආකර්ෂණීය විය හැකියි.   ජනයාගෙන් හිස් වූ වීදි දිගේ ධාවනය වන වෑන් රථය තුළ සිටින ටෙසා ඔහු දෙස බලනතුරු ඔහු බලාසිටියේ ඔවුන්ට බැල්මවල් හුවමාරු කරගත හැකි නිසා ය.  ගුවන් සේවකයන් දෙදෙනෙක්, ප්‍රංශ භාෂාවෙන් තමන්ටම මොනවාදෝ කොඳුරා ගන්නා මිනිසෙක්, තමන්ගේ දුරකතනය වනමින්, ශාප කරමින් දොඩවන මිනිසෙක්, ආදී වශයෙන් පිරිසක් වාහනය තුළට… Read More The Silence තුන්වෙනි කොටස

මැරෙන්න කලින් ඔබේ හොඳම පොත ලියන්න හිතනවනම්; මෙන්න ක්‍රමය

තමන්ගෙ හොඳම වැඩ තමා තුළම තියාගෙන කී දෙනෙක් මෙලොවින් සමුගන්නවද?

අපි බොහෝ විට උපකල්පනය කරන්නේ ස්වාභාවික දක්ෂතා, ප්‍රතිභාව සහ දක්ෂතාවයෙන් ආශීර්වාද ලත් අය විසින් විශිෂ්ට දේවල් කරන බවයි. නමුත් කිසි දිනක තම හැකියාවන් සම්පූර්ණයෙන් අවබෝධ කර නොගත් මිනිසුන්ට කොපමණ විශිෂ්ට දේවල් කළ හැකිද? මා ද ඇතුළුව අපගෙන් බොහෝ දෙනෙකුට අප සාමාන්‍යයෙන් නිෂ්පාදනය කිරීමට වඩා බොහෝ දේ කළ හැකි යැයි මම සිතමි – අපගේ හොඳම කාර්යය බොහෝ විට තවමත් අප තුළ සැඟවී ඇත.

එම විභවය ඔබෙන් ඉවතට ගෙන එය ලෝකය සමඟ බෙදා ගන්නේ කෙසේද?… Read More මැරෙන්න කලින් ඔබේ හොඳම පොත ලියන්න හිතනවනම්; මෙන්න ක්‍රමය

රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක්

දැනට පවතින ආරංචි අනුව මෙම කෘතිය 2024 අප්‍රේල් මස නිකුත් වීමට නියමිත බව පැවසේ. කෙසේ වුවද රෂ්ඩිගේ ප්‍රකාශකයා වන Penguin Random House හි නියෝජිතයෙකු එය තවමත් නිල වශයෙන් දන්වා නැත. විත්තියේ නීතිඥයාගේ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයෙක් එම ඉල්ලීමට ඉඩ දීමට තීරණය කර ඇත. … Read More රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක්

අභිරහස් මිනීමැරුමක් ගැන කතාවක්

පොලිස් ස්ථානවල දුරකතන කෙබඳුදැයි රටේ සිටි සියල්ලෝම හොඳින් දැන සිටියහ. අදාළ අංකය කිහිප වතාවක්, නැවත නැවතත්, ක්ලික්, ක්ලික්,ක්ලික් ගාමින් කරකැවූ පසු ඔබ රිසීවරය ඔසවා කනේ තබාගත් විට, දිස්ත්‍රික්කය පුරා සිටින සම්බන්ධවන්නන්ගේ හුස්ම ගන්නාක් මෙන් මෘදු හඬවල්, කෙදිරීම්, අමාරුවෙන් නවත්ත ගන්නා කහින හඬවල් සියල්ලම රිසීවරයෙන් ඔබට ඇසෙයි.… Read More අභිරහස් මිනීමැරුමක් ගැන කතාවක්

කවියෙකුගේ භාෂාව විදග්ධතාවය වැළඳ ගන්නවා – ටොමෑස් රොසෙකි

උදාහරණයකට මම ස්තෙෆාන් මලහමේගේ ‘දාදු කැටයක්‘ නම් කවිය පරිවර්තනය කරන වෙලාවේ, හැමවිටම මට විශේෂිත භාෂාමය සහ ව්‍යාකාරණමය තීරණ ගන්න වෙනවා. එහෙම කරන්න වෙන්නේ පාඨය විසින් එය අර්ථකතනය කරන ආකාරය ගැන කිසිම ඉඟියක් නොදුන්න වෙලාවට. ඊට පටහැනිව, කවිය විවෘත බව සහ එහි සංදිග්ධතාව පෙන්නුම් කරනවා. මේ අතරවාරයේ පරිවර්තකයාගේ සෑම තෝරාගැනීමක්ම අර්ථදැක්වීමක් බවට පත්වෙනවා. ඉතින් එය කවියේ ‘විවෘතබව‘ වසා දමනවා.… Read More කවියෙකුගේ භාෂාව විදග්ධතාවය වැළඳ ගන්නවා – ටොමෑස් රොසෙකි

දැන් පැවැත්වෙන මාතර කලා උළෙල ගැන දැනගන්න!

යුනෙස්කෝ උරුමයක් වන මාතර කොටුව ආශ්‍රය කරගෙන මාතර නගරය සහ දිස්ත්‍රික්කයේ කලාව මූලික කරගත් ආර්ථික හා සමාජීය දියුණුව වෙනුවෙන් සංවිධානය කෙරේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින්ද, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ උපකාර සහිතව මෙය පළමු වතාවට සංවිධානය කෙරේ. … Read More දැන් පැවැත්වෙන මාතර කලා උළෙල ගැන දැනගන්න!

ඇය ගිය ගමනට අපි සැවොම වගකිව යුතුයි! ‘කිලිනොච්චි’ කෙටිකතාව ගැන විමසුමක්

සියවසක් පැරැණි තේ දළු නෙළන පවුලකින් පැමිණි නිශාට සියලු දුක් කම්කටොළු විඳින්නට සිදුවූයේ තේ රාජ්‍යයක ය. බ්‍රිතාන්‍ය ජනතාව ඔවුන්ගේ මුතුන්මිත්තන් ගෙනාවේ ඔවුන් තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන රටකටය. පංතිය, කුලය සහ ලිංගභේදය ඇයට එරෙහි විය. එහෙත් ඇය අර්ධ සිංහයෙකු සහ අර්ධ කොටි වර්ගයක් වන තම පුත්‍රයාව ඇති දැඩි කළාය. ඇය ඔහුව වයස අවුරුදු 26 දක්වා ඇති දැඩි කළාය. එකපාරටම ඔහු හීන් සීරුවේ මෙන් අතුරුදහන් විය. එය දරාගත හැක්කේ කුමන මවකටද? ඉතින්, ඇය කුමක් කරයිද?… Read More ඇය ගිය ගමනට අපි සැවොම වගකිව යුතුයි! ‘කිලිනොච්චි’ කෙටිකතාව ගැන විමසුමක්

මානව හැඟුම්වල සීමා මායිම් පෙන්වන තාම ඒ කුරුලු හඬ එතන

පොතේ එන සමනල් සරුංගල් කවියද එක්තරා සුවිශේෂි මාතෘකාවක් ජනනය කරයි. සමනලයා සහ නයා යන සංකේත දෙක භාවිත කරමින් ගොඩ නැගෙන කවිය තුළ සාම්ප්‍රදායික පුරුෂත්වය සහ බෙලහීන යැයි සැලකෙන පුරුෂත්වය අතර ඝට්ටනය විදහා පායි.

එයාට ඕන වුණේ නයෙක්
මම හැදුවෙ සමනලයෙක්

‘ආස නැද්ද නයෙක් වෙන්න‘
වලිගේ දිග මනින ගමන් නයනා ඇහුවා

මං සරුංගලෙත් අරන්
වෑ කන්දට එන දවසක
නයා ඇවිත් මට පිප්පුවා

‘තෝ සමනලයෙක් යකෝ
පාඩුවේ වෙන අතක් බලාගං‘… Read More මානව හැඟුම්වල සීමා මායිම් පෙන්වන තාම ඒ කුරුලු හඬ එතන

“සංස්කෘතික සුවිශේෂිතා පරිවර්තනය කරන්න බැහැ” – සුබ්රාසංකර් දාස්

සාමාන්‍යයෙන්, මම පරිවර්තනය කිරීමට පටන් ගන්නා විට, ඔබට බාධා කිරීමට මට ඉඩ දිය යුතු බව මම ලේඛකයාට කියනවා. මම ගැටලුවකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක, මම ඔබෙන් මෝඩ ප්‍රශ්න ඇසීමට ඉඩ තියෙනවා. මෙම ප්‍රශ්න මෝඩ විදියට පෙනුණත්, එය මට බොහෝ දේවල් ගවේෂණය කිරීමට උපකාරී වෙනවා. එම ප්‍රශ්න මට තේමාව හඳුනා ගැනීම උදව් කරනවා. ඔව්. තවත් ගැඹුරෙන්. පෙළට ගැඹුරින්. පාඨයේ ස්ථර හරහා බැලීමට ඒවා මට උපකාර කරනවා. ඒ වගේම යම් ජන ගීයකට හෝ ඒ වගේ දේවල්වලට අදාළ පාඨයක් නම් එය වඩාත් සංකීර්ණ වෙනවා. … Read More “සංස්කෘතික සුවිශේෂිතා පරිවර්තනය කරන්න බැහැ” – සුබ්රාසංකර් දාස්

බංග්ලාදේශයේ ළමා සාහිත්‍යය අද කොතැනද?

ඇමරිකානු විශ්වකෝෂයේ දෙවන ප්‍රකාශය කියා සිටින්නේ සැබෑ ළමා සාහිත්‍යය ඉල්ලා සිටින පළමු දෙය සරල බව සහ ප්‍රකාශනයේ පැහැදිලි බව යන්නය. ළමා මනස සංකීර්ණ නොවන නිසා ඔවුහු සරල මාවතේ රසිකයෝ වෙති. රබීන්ද්‍රනාත් තාගෝර්ට අනුව, දරුවන් ලෝභ නැත, එබැවින් ඔබේ දරුවන්ගේ පෙළෙහි ඔබ කැමති තරම් පහසු වචන භාවිතා කරන්න. බිය වීමට හේතුවක් නැත – එම සංයුතිය දැකීමෙන් දරුවන් තොල කට වේලී වතුර වීදුරුවක් ලබාගන්නට අත නොපවනු ඇත.’… Read More බංග්ලාදේශයේ ළමා සාහිත්‍යය අද කොතැනද?

The Silence නවකතාවේ දෙවන කොටස

“ ඒක ඇල්ගොරිත්මික පරිපාලනයක් වෙන්න පුළුවන්. චීන්නු. චීන්නු සුපර් බෝල් එක බලනවා. උං ඇමරිකන් ෆුට්බෝල්සෙල්ලම් කරනවා. බීජිං බාබේරියන්ස්. ඒක සහළෝලම ඇත්ත. අපියි මෝඩයො වෙලා ඉන්නේ. උං අන්තර්ජාලය හරහා තෝරාගත්ත එළිදරව් කිරීම් කරන්න පටං අරන්. උං බලාගෙන ඉන්නවා. අපි බකං නිලාගෙන ඉන්නවා.”… Read More The Silence නවකතාවේ දෙවන කොටස

නව ලිබරල්වාදයේ මායිනී දඩයම සහ හිස්ටරික ස්ත්‍රීවාදය මැද ස්ත්‍රී පරිපාකයේ සුරේඛාමය ලියවිල්ල!

සුදු මැණිකේගේ දියණියන් දෙදෙනා වන සමන්ලතා මැණිගේ සහ නන්දිතා මැණිකේ වෙනස් චරිත ද්විත්වයකි. සමන්ලතා මැණිකේ සිය පියාගේ වැඩවසම් පාලනයට එරෙහිව, කම්කරුවන් අඳ ගොවීන් තලා පෙළා දමන ආකාරයට විරුද්ධව විමුක්ති දේශපාලනය තෝරාගන්නා අතර නන්දිතා මැණිකේ ලිබරල් ජීවිතයක් සොයා ඇමරිකාවට යන්නීය. කෙසේ වුවද මේ දෙදෙනාම ආදරයෙන් පරාජිතව, අපේක්ෂාභංගත්වයෙන් ආපසු වලව්වට කොටු වීමෙන් කතුවරිය උත්සාහ කරන්නේ ලිබරල් හෝ වේවා කොමියුනිස්ට් හෝ වේවා, මෙම ක්‍රම ද්විත්වය තුළම ස්ත්‍රියට ගැලවීමක් නැති බව පෙන්වීමටද යැයි අපට ප්‍රශ්න කළ හැකිය. … Read More නව ලිබරල්වාදයේ මායිනී දඩයම සහ හිස්ටරික ස්ත්‍රීවාදය මැද ස්ත්‍රී පරිපාකයේ සුරේඛාමය ලියවිල්ල!

ස්ටාලින්ගේ කණෙන් රිංගූ පවුස්තොවුස්කි

“මට බෑ ඌට බෙහෙත් කරන්න. නුඹේ සීයට කියන්න ඔය හාවව හොඳට ලුණු ටිකක් එහෙම දාලා බැදලා ගන්න කියල. අපූරු කටගැස්මක් වේවි”

වාන්යා මල්යාවින් පිළිතුරු නොදුන්නේය. ඔහු තදින් නාසය මිරිකමින් වේගයෙන් ඇසිපිය හෙළන්නට වූයේය.

පශු වෛද්‍යවරයා විසින් හාවාට බෙහෙත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ පරිසරිය ගැන පාලන තන්ත්‍රය විසින් ඔහු තුළ ඇතිකළ බලපෑම මත විය හැකිය. බෙහෙත් කරනු වෙනුවට හාවා කටගැස්මට ගන්නට ඔහුයෝජනා කරන්නේ එබැවිනි. කෙසේ වෙතත් මුනුපුරා සම්ප්‍රදාය බිඳිමින් හාවා සනීප කරගන්නට වෙහෙසෙන අයුරු කතාව පුරා ගෙනයන්නේ සතුන් කෙරෙහි හෘදයාංගම බව මතුකරමිනි.… Read More ස්ටාලින්ගේ කණෙන් රිංගූ පවුස්තොවුස්කි

අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි)

අසමත් වූ රාජධානියට හරියටම පිටුපසින් ඉතා අලංකාර ගංගාවක් ගලා බැස්සේය. සුපැහැදිලි, මන බඳනීය ජල ප්‍රවාහයකින් යුතු එහි මත්සයෝ විශාල වශයෙන් ජීවත් වූහ. එහි වල් පැළෑටි වැවී තිබුණ අතර මාළුවෝ ඒවා ආහාරයට ගත්හ. සැබවින්ම රාජධානිය බිඳ වැටුණේද නැද්ද යන්න ගැන වගක් මාළුන්ට තිබුණේ නැත. එය රාජධානියක් හෝ ජන රජයක් වුවද ඔවුන්ට එහි වෙනසක් නොවීය. ඔවුහු ඡන්දය පළ කළේ හෝ බදු මුදල් ගෙවූයේ නැත. අපිට වෙනසක් නැහැ, ඔවුහු වටහාගෙන සිටියහ.… Read More අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි)

සැන්සිබාරයේ කොලු ගැටයා නොබෙල් සාහිත්‍යය සම්මානයට ගිය විදිය!

‘ස්වාහිලි’ යන්න අරාබි ‘සහෙල්’ යන්නෙන් පැමිණෙයි. යුරෝපීය යටත් විජිත බලවතුන් විසින් මෙම ප්‍රදේශය පසුව යටත් විජිතකරණය කරන ලදී. කංජි මාලම් නම් කට්චි වෙළෙන්දා සහ නැවියන් 1498 දී මාලින්දි සිට කැලිකට් දක්වා වූ වස්කෝ ද ගාමාගේ නැව් වලට මඟ පෙන්වීය.

පෙරදී නිදහස් රාජ්‍යයක් වුවද 1964 දී ටැන්සානියාවට අයත් වූ මෙම දූපත් සමූහය අද වනවිට ටැන්සානියාව යටතේ පාලනය වන්නකි. සැන්සිබාර් දූපත්වල උපතලද අබ්දුල් රසාක් ගුර්නාහ් 2021 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගැනීමත් සමඟම ලෝක සිතියමේ සැන්සිබාරයේ එළි නැවත දැල්වෙන්නට විය.… Read More සැන්සිබාරයේ කොලු ගැටයා නොබෙල් සාහිත්‍යය සම්මානයට ගිය විදිය!

ළමා සාහිත්‍යයේ නූතන ප්‍රවණතා

බොහෝ විට අපි ජීවත්වන සමාජය විවිධාකාර සෘණාත්මක මතවාදවලින් ගහණය. එයට අඩු වැඩි වශයෙන් මාධ්‍ය, ආගමික, දේශපාලනික කාරණා ඇතුළත් ය. විශේෂයෙන් මෙම සෘණාත්මක කාරණාවලින් දරුවාගේ මනස දූෂණය වීම වළක්වා ගැනීම උදෙසා ළමා සාහිත්‍යයට වැඩි වැඩ ප්‍රමාණයක් කළ හැකිය. එහෙත් ඒ සඳහා දරුවන්ගේ කියැවීමේ රුචිය වර්ධනය කළ යුතුය.… Read More ළමා සාහිත්‍යයේ නූතන ප්‍රවණතා

චොකලට් හීන

අපි කෝපි සාප්පුවකට ගොඩ උනේ කෝපි බොන්න කියලා. පාර අයිනට වෙන්න, සාප්පුවෙන් එළියේ තියන කෝපි මේස වටේ තිබුණ පුටු හතරක වාඩි උනා. කෝපි සාප්පුවක හිටියා කියලා මං ඉතිං ජීවිතේට කෝපි බොනවා කියලයෑ. අඟහරු ලෝකෙට ගියත් උණු උණු චොකලට් කෝප්පයක් තමයි.
අපි හතර දෙනා ආවේ රටවල් හතරකින් නිසා ප්‍රංස කාරයෝ ගැන අපිට හිතෙන හැටි අපි කතා කර කර හිටියා. හැමෝටම පොදු මාතෘකාව උනේ ප්‍රංස කාරයින්ගේ ලස්සන. හම්මේ !ඒ උනාට උන්ගේ හරි ඔලුව ඉදිමිච්ච ගතිය අපි කාටවත් දිරෙව්වේ නැහැ . මෙල්බර්න් ඉඳලා ආව මට මේක නම් ඉවස ගන්නම බැරි උනා.… Read More චොකලට් හීන

මම ලියන්නෙ මටම කතා කර කර – ඉසුරු චාමර සෝමවීර

මම දර්ශනය ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි. හැබැයි මම දර්ශනය විදියට ගන්නේ අපේ මේ පැවැත්ම ගැන ප්‍රශ්නය. අපි කවුද? අපිට මොනවා වෙයිද? අපි කොහාටද යන්නේ? මේ වගේ පැවැත්ම ගැන කාරණා. මේ ගැන මට පුංචි කාලේ ඉඳලම අති දැවැන්ත ගැටලු තිබුණා. ඔය ගැටලු ලිහාගන්න තමයි මම ලිවීම පාවිච්චි කරන්නෙ. ඔබ කිව්වා වගේම මට හිතෙන්නෙ එතනදි කෙටිකතාවට වඩා ඒ දේවල් ප්‍රශ්න කරන්න, ඒ් ගැන මට හිතෙන දේවල් කියන්න සුදුසුම මාධ්‍ය විදියට මට දැනෙන්නෙ කවිය. සමහර දේවල් ගොඩක් විස්තර කරන්න දන්නෙ නෑ අපි. හැබැයි ඒකෙ යම් යම් කොටස් අපිට අහුවෙනවා. කවිය මේ දේව් කියන්න පහසුම ක්‍රමය විදියට මම දකිනවා. හැබැයි කෙටිකතාව ඇතුළෙත් මිනිහා කවුද කියන කාරණය ප්‍රශ්න කෙරෙනවා.… Read More මම ලියන්නෙ මටම කතා කර කර – ඉසුරු චාමර සෝමවීර

දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිර්මාණශීලි වැඩක්!

ජීවිතයේ යතුර කියවීමයි. කියවීම කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. ඒ ප්‍රබන්ධ නොවන, විෂය අතිරේක සහ ප්‍රබන්ධ වශයෙනි. විෂය අතිරේක පොත් කියවීමෙන් මොළයේ වම් පස වර්ධනය වේ. ප්‍රබන්ධ කියවීමෙන් මොළයේ දකුණු පස වර්ධනය වේ. මොළයේ සමබර සංවර්ධනයෙන් යහපත් දරුවකු සමාජයට එකතු කළ හැකි බව අපගේ විශ්වාසයයි. … Read More දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිර්මාණශීලි වැඩක්!

මම උල්පතේ ඉඳන් මුහුද වෙනකන් ලෝකය දැකපු මිනිහෙක් – චන්ද්‍රරත්න බණ්ඩාර

ඒ කාලේ මළගෙවල්වල කවිකොළ ගහනවා. ඉතින් අප්පච්චි ඕවා එකතු කරලා ගේනවා. අපේ අප්පච්චි පෝස්ට් මාස්ටර් කෙනෙක්. එයාගෙ සහෝදරයො තැපැල් දෙපාර්තමේන්තුවෙ තමයි වැඩෙ කළේ. හැමදාම හවසට ගෙදර එනවා. කතාකරනවා. ඒ කාලේ මළගෙවල්වල කවි කොළ ගැහුවා. අප්පච්චිලා මට ඔය කවි කොළ ගෙනත් දීලා කියවන්න කියනවා. එහෙම තමයි සිද්ධ වුණේ. ඒ කාලේ මට බයත් හිතෙනවා, මැරෙනවා කියන එක ගැන.… Read More මම උල්පතේ ඉඳන් මුහුද වෙනකන් ලෝකය දැකපු මිනිහෙක් – චන්ද්‍රරත්න බණ්ඩාර